බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර මාස පහක් ඇතුළත නව පාලමක් ඉදිකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නියෝග කර තිබේ.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථිර පාලමක් ඉදිකරන තුරු දින 10ක් ඇතුලත තාවකාලික පිවිසුම් මාර්ගයක් ඉදි කරන්නැයිද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට මෙම  ව්‍යාපෘතිය බාර දී ඇත.

බම්බලපිටිය දුම්රිය ස්ථානයට පිවිසෙන  ගුවන් පාලම බෙහෙවින් අබලන් වී ඇතැයි මාධ්‍යයෙන් හෙළිදරව් කර තිබිණි.