බස්නාහිර පළාතට ගුරුවරුන් 4000 ක් බඳවා ගැනීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සඳහන් කරන්නේ, ඒ සඳහා උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බවය.

ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත.

මේ වනවිට බස්නාහිර පළාතේ ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4000 වේ.

විශේෂයෙන් ඉංග්‍රිසි හා දෙමළ භාෂා ඉගැන්වීමට ගුරුවරුන් නොමැතිවීම ගැටලුවක් වි ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.