හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වෙ.

ඒ අනුව බස් ගාස්තුව 4.01%කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වනු​යේ.

මේ අනුව අවම බස් ගාස්තුව වන රු.30 හි කිසි​දු වෙනසක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවස​යි

බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.