වැට් බදු වැඩි වීමත් සමග ජනවාරි මාසය තුළ බස් ගාස්තු සංශෝධනයක් ද සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරන්නේ.