ඩීසල් මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම ඩීසල් ලීටරයක මිල රුපියල් 35 ක් ලෙස අද සිට ක්‍රියාත්මක කෙරේ.

බස් ගාස්තු තීරණය කිරීමට යොදා ගන්නා සූත්‍රයට අනුව ඩීසල් මිල සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයකින් සංශෝධනය වන්නේ නම් ඒ සඳහා සංශෝධනයක් කළ යුතු බව ද දැක්වේ.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

මෙම වසරේ ජුලි 01 වැනිදා කිසිදු වෙනසක් සිදු නොකළ නමුත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මාසයේදී සිදු කෙරිණි.