අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගයේදීි ටෙස්ට් කඩුලු 600ක් ලද 05වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා අලුත් කිරීමට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් සමත් විය. එමෙන්ම ටෙස්ට් කඩුලු 600ක් දවාගත් දෙවැනි වේගපන්දු යවන්නා ලෙසද ස්ටුවට් බ්‍රෝඩ් වාර්තා අතරට එක් විය.

ඔහුගේ 600වැනි ටෙස්ට් කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 48ක් ලබා සිටි ට්‍රැවිස් හෙඩ්ය. බ්‍රෝඩ් මේ වනවිට තරග ටෙස්ට් තරග 166කදී ඉනිම් 306ක් ක්‍රීඩා කරමින් කඩුලු 600ක් දවාගෙන සිටී.

වැඩිම ටෙස්ට් කඩුලු ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට (කඩුලු 800) හිමිව තිබේ. එහි දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ශේන් වෝන්ටද (කඩුලු 708), තෙවැනි ස්ථානය එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ටද (කඩුලු 688), සිව්වැනි ස්ථානය ඉන්දියාවේ අනිල් කුම්බ්ලේටද (කඩුලු 619) හිමිව ඇත.