අද අලුයම බැංකොක්හි සුප්‍රසිද්ධ එළිමහන් Chatuchak වෙළඳපොළේ ගින්නක් හටගෙන තිබෙනවා

මෙම ගින්න නිසා වෙළඳසැල් 100 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති අතර වෙළෙඳාමට තබා තිබූ සුරතල් සතුන්1,000 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අතර  කුරුල්ලන්, බල්ලන්, බළලුන් සහ සර්පයන් මෙන්ම මීයන්, පිඹුරන් සහ හූනන් ද පිළිස්සී මිය ගොස් ඇති බව වාර්තා වේ.

වෙළෙඳසැ​ළ විදුලි කාන්දුවීමක් නිසා ගින්න හටගෙන ඇති අතර, කිසිදු මිනිස් ජීවිත හානියක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති බව බලධාරීන් පවසයි