හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ පෞද්ගලික සූපවේදියෙකු වූ Tafari Campbell මැසචුසෙට්ස්හි නිවස අසල දී මියගොස් ඇති බව වාර්තා වේ. paddle boarding නමැති ජල ක්‍රීඩාව අතරතුර සිදු වූ අනතුරකින් එසේ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ.

45 හැවිරිදි ඔහු 2016 වසරේ දී ඔබාමා ධූරයෙන් ඉවත් වූ පසුවත් ඔහු ළඟ රැඳී සිට ඇති අතර එම මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා කණගාටුව ප්‍රකාශ කර ඇත.

කොහොම නමුත්, මෙම මරණය සම්බන්ධයෙන් මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිස් රහස් පරීක්ෂක ඒකකය පරීක්ෂණ පවත්වමින් සිටින බවයි සඳහ්න් වෙන්නෙ.