ඉදිරි මාස 03 තුළ බිත්තර මිලියන 92.1ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව ඇමැති බන්දුල ගුණවර්ධන පවසා ඇත.

මේ සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සඳුදා (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද ඉන්දීය සමාගම් 03කින් ශ්‍රී ලංකා රජය මිල ගණන් කැඳවා ඇත.

මිල ගණන් කැද වීම මත කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සලකා බලා, රාජ්‍ය වෙළඳ (විවිධ) සංස්ථාව හරහා බිත්තර ආනයනය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

බිත්තර මිල ස්ථාවර කිරීමට සහ දේශීය වෙළෙඳපොළේ පවතින හිඟයට පිළියම් ලෙස බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබාදී තිබිණි