බිත්තර සහ කුකුළු මස් මිල යළිත් ඉහළ යාමක් සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

එමෙන්ම ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ වන විට සියලු ගොවිපොළවල කුකුළු පැටව් 3,420,000ක් ඉක්මවා තිබෙන බව ද එම සතුන් ලබන දෙසැම්බර් මාසය වන විට බිත්තර දමන බව ද සඳහන් වේ.

ඒ හේතුවෙන් ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බවත්, දැනට පවතින දෛනික බිත්තර හිඟය ලක්ෂ 10ක් වන බවත් වාර්තා වේ.