ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු, වූ ආචාර්ය බුද්ධි කීර් තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විටදී 80 වැනි වියේ පසුවිය.

දේහය හෙට (18) පෙරවරුවේ සිට අනිද්දා (19) පෙරවරු දක්වා අංක 158/3, ලේක් ඩ්‍රයිව්, කොළඹ 8 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කරන අතර අනිද්දා (19) ඔහුගේ දේහය කොස්වාඩියේ නිවසේ මහජන ගෞරවය සදහා තැන්පත් කෙරේ.

අවසන් කටයුතු ලබන 21 වැනිදා පස්වරු 4.00 ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදුකෙරේ.

ඇය ඔබට බාරයි, සුජාතා චිත්‍රපටය නව නිෂ්පාදනය ආදී චිත්‍රපට නිෂ්පාදනය කළ බුද්ධි කීර්තිසේන මහතා දේශීය බතික් කලාව ජාත්‍යන්තර වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ව්‍යාපාරිකයෙකි.

ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකයකු වන බුඩී කීර්තිසේන ගේ පියාණන්ද වේ.

ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති සහ සිනෙසිටි සිනමා අධිපති ධූරයත්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් ලෙසත් බුද්ධි කීර්තිසේන මහතා සිය කාර්යභාරය ඉටු කළේය.