ෙට (02) දිනට යෙදී ඇති බොලිවුඩ් සිනමාවේ රජු හෙවත් ශාරුක් ඛාන්ගේ 58 වැනි උපන්දිනය අති උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා. බොලිවුඩ් ආරංචි මාර්ගවලට අනුව උපන්දිනයට සමගාමීව විශේෂ Fan events දෙකක් සහ දිනය අවසානයේ විශාල උපන්දින සාදයක් පැවැත්වෙවීමට නියමිතයි.

දෙසැම්බර් 21 තිරගත වීමට නියමිත ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන Dunki හි ප්‍රථම ටීසරයද නිකුත් කෙරෙන අතර, ශාරුක් රසිකයන් සමග එක්ව සජීවීව ටීසරය නැරඹීමට නියමිත වී තිබෙනවා. එමෙන්ම තවමත් සාර්ථක ව තිරගත කෙරෙන Jawan චිත්‍රපටය Netflix ඔස්සේ විකාශය ඇරඹීමද සැලසුම් කර ඇත්තේ ද හෙට සිටයි.

එපමණක් නෙවෙයි, දෙසැම්බර් 07 සිට Netflix ඔස්සේ විකාශය කිරීමට නියමිත The Archies චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ශාරුක් ඛාන්ගේ ආදරණීය දියණිය, සුහානා ඛාන්ගේ කුළුදුල් සිනමා ආගමනයද මෙහිදී සැමරීමටද නියමිත බවත් වාර්තා වී තිබෙනවා.

ශාරුක් ගේ සිනමා ජීවිතයේ සාර්ථකම වසර ලෙස හැඳින්වෙන 2023 වසරේ, ඉන්දියානු රුපියල් කෝටි 1000 අභිබවා ගිය චිත්‍රපට 2ක අයිතිය මේවන විටත් තම නාමය ඉදිරියේ සටහන් වී ඇති මොහොතක, මෙලෙස සැමරෙන්නේ ශාරුක් ඛාන්ගේ ජීවිතයේ විශාලතම උපන්දින සාදය බවටයි වාර්තා පළවන්නේ.

නළු නිලියන්, අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු ක්ශේත්‍රයේ ආරාධියින් ඇතුළුව ඉතා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මුම්බායි හි පිහිටි Jio NMACC හිදී පැවැත්වෙන මෙම උපන්දින සාදය, බොලිවුඩයේ විශාලතම උපන්දින සාදය වනු ඇති බවට අපේක්ෂා කරනවා.