බොලිවුඩයේ ජනප්‍රිය “Welcome” ප්‍රහසන චිත්‍රපට මාලාවේ 3 වන දිගහැරුම “Welcome to the jungle” නමින් 2024 දෙසැම්බර් 20 සිට තිරගත කිරීමට නියමිත බව අද (09) නිවේදනය කළා. ඒ,  මෙම චිත්‍රපටයේ  ප්‍රධාන චරිතය නිරූපණය කරන ආක්ෂේ කුමාර්ගේ අද දිනට යෙදී ඇති 56වන උපන්දිනයට සමගාමීවයි.

ආක්ෂේ කුමාර්, සුනිල් ශෙට්ටි, සංජේ දත්, අර්ශද් වාර්සි, පරේශ් රාවල්, ජොනී ලීවර්, තුෂාර් කපූර්, රවීනා තණ්ඩන්, ලාරා දත්තා, ජැක්ලීන් ෆර්නෑන්ඩස්, දිශා පාට්නි ඇතුළු සුප්‍රකට බොලිවුඩ් නළු නිලියන් 24 දෙනෙකු රංගනයෙන් දායක  වන අතර, බොලිවුඩ් සිනමා ඉතිහාසයේ මෙවැනි විශාල නළු නිලි පිරිසක් එක් චිත්‍රපටයක  රංගනයේ යෙදෙන්නේ ප්‍රථම වරට බවයි වාර්තා වන්නේ.

අද නිකුත් කෙරුණු, එම සියළු නළු නිලියන් පෙනී සිටින ප්‍රහසනාත්මක ටීසරය පහතින්.