අද (28) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර – ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් දිල්ලි සිට වරණාසි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

ඒ ගුවන් යානයේ බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මතයි.

ගුවන් යානය පිටත්වීමට සූදානම් වනවාත් සමග මෙම තොරතුර ලැබී තිබුණු අතර ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ  ගුවන්තොටුපළ බලධාරීන් ගුවන් යානයේ සිටි සියලූම මගීන් පිටතට ගැනීමට කටයුතු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කළා.