භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සති අන්තයේ ඉවත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමති  රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

මේ වන විට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් බව ද ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත් මෙවැනි තීන්දු තීරණවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවත් අපහසුතාවට පත් වූ බව ඔහු සදහන් කර ඇත.

නව බදු හඳුන්වා දීම, පොලී අනුපාත ඉහළ නැංවීම සහ ආනයන සීමා පැනවීමට රජය පියවර ගත්තේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමටත් විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමටත් බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.