තමන්ගේ නම භාවිතා කරමින් හෝ තමන්ගේ සහෝදරයෙක්, ඥාතියෙක් හෝ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් බව පවසමින් විදේශ රැකියා සදහා මුදල් එක් රැස් කරන කිසිදු පුද්ගලයෙක්ට මුදල් ලබා නොදෙන ලෙසත්, එවැනි කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමන් වගකීමක් නොදරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අවධාරණය කර ඇත.

එවැනි කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත්වීමක් නොමැති බවද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් රැස් කරන ජාවාරම් දිවයින පුරා විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට හැකි වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර, එම ආයතන සමග පමණක් සම්බන්ධවී කටයුතු කරන ලෙසට විදේශ  රැකියා අමාත්‍යාංශය  දැනුම්දී ඇත.