මඩකලපුව ප්‍රදේශයට ආසන්න මුහුදේ භූ කම්පනයක් හට ගෙන ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසා ඇත.

මඩකලපුව ප්‍රදේශයට කි.මී. 310ක් ඊසාන දෙසින් වන මුහු ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇත.

අද (සැප්. 11) අලුයම 1:29ට හටගෙන ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 4.65ක් බව එම කාර්යාංශය ප්‍රකාශ කර තිබේ.