දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසා ඇත.

මෙම වැඩපිළිවෙළ මගින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බව එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර සඳහන් කර තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇති පුද්ගලයින් සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රජා පාදක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් සැරිසරන ප්‍රදේශ අධීක්ෂණ කිරීම සඳහා වෙනම පොලිස් නිලධාරීන් යෙදවීමට ද සැලසුම් කර තිබේ.