ශ්‍රී ලංකාවේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ උරහිසේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට අයි.සී.සී. අනුමැතිය ඉල්ලා තිබේ.

ඒ අනුව මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.