කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගාවලිය රටවල් 06ක සහභාගිත්වයෙන් පැවැත්විණි.

තරගාවලියේ අවසන් මහා තරගය උස්බෙකිස්ථානයට එරෙහිව පැවැති අතර, එම තරගය තරග වට 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එහි අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 25-14ක්, 25-18ක් සහ 25-22ක් වශයෙනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයේ තරගයේදී උස්බෙකිස්ථානය හමුවේ තරග වට 3-2ක් ලෙස පරාජය වී තිබිණි.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස මහේල ඉන්දීවර බණ්ඩාර සම්මාන දිනා ගත්තේය.