හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට උපදෙස්‌ දුන්‌ පරිදිම හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලටද උපදෙස්‌ දුන්‌ බව රාජ්‍ය සේවා එක්සත්‌ හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා ඇත.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ අඩුපාඩු සම්බන්ධයෙන්‌ දුන්‌ උපදෙස්‌ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්‌ අද ඔහුට තනතුරැ අහිමි වී ඇති බවද උන්වහන්සේ පවසා තිබේ.

තමා ලබාදුන්‌ උපදෙස්‌ ක්‍රියාත්මක නොකිරීමට ඔහු පියවර ගත්තේ කුමන අදහසකින්ද යන්න අවබෝධයක්‌ නොමැති බවත්‌ ඔහු යම්‌ අයුරකින්‌ ලබා දුන්‌ උපදෙස්‌ ක්‍රියාත්මක කළේ නම් මෙලෙස ඉවත්‌ වීමට සිදු නොවන බවත්‌ උන්වහන්සේ පෙන්වා දී ඇත.