පිලිපීනයේ – ඇල්ලේ ප්‍රාන්තයේ පිහිටි මයෝන් ගිනි කන්ද සක්‍රීය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ හේතුවෙන් 13,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

ගිනි කන්දේ සිට කිලෝමීටර 3ක වපසරියක සිටින පිරිස් ඉන් ඉවත් කර ඇත.

ගිනි කන්ද වටා කිලෝමීටර් 11ක පමණ ප්‍රදේශයේ පාෂාණ කොටස් කඩා වැටීමට , නාය යෑමට හෝ හදිසි පිපිරීම් සිදුවීමට ඉඩ ඇති බැවින් අනතුරුදායක කලාපයක් ලෙස නම් කර ඇත.

ගුවන් යානාවලටද ගිනි කන්ද ආසන්නයෙන් ගමන් කිරීම අනතුරුදායක වියහැකි බවට උපදෙස් නිකුත් කර ඇත.

පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවරට කිලෝමීටර් 330ක් දුරින් පිහිටි මායොන් ගිනි කන්ද ලෝකයේ සක්‍රීයම ගිනිකඳු අතරින් එකක් ලෙස වර්ග කර ඇති අතර 1616 වර්ෂයේ සිට 47වාරයක් විදාරණය වී ඇතැයි සඳහන් වේ.

මීට පෙර 2013 සහ 2018 වසරවලදී මෙ කන්ද සක්‍රීය වී ඇති බවත් 1814 වසරේදී මෙය සක්‍රීය වීමෙන් පුද්ගලයින් 1,200ක් මියගොස් ඇති බව ද සදහන් වේ.

පිලිපීනයේ ඇති සක්‍රීයම ගිනි කන්ද මෙය ද වේ.