ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මලල ක්‍රීඩා සුපිරි සංචිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රගති සමාලෝචන රැස්වීම් දිගින් දිගටම මඟ හැරීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මසකට රුපියල් හැත්තෑපන් දහසේ සිට ලක්ෂය දක්වා මුදලක් ගෙවන අතර, මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීම උදෙසා මෙම රැස්වීම් හරහා අවශ්‍ය මඟ පෙන්වීම සිදුකරනු ලබයි.