මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් ඇත.

මලාවි රාජ්‍ය​යේ චිකන්ගාවා නම් වනාන්තරයට අතුරුදන් වූ ගුවන්යානය කඩාවැටි ඇති අත​ර ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු එහි ගමන් ගෙන ඇත.

ලලොන්ග්වේ අගනුවර ගුවන්තොටුපොළින් පියාසැරිය ආරම්භ කළ සුළු මොහොතකි​න් අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය ඊයේ උදෑසන රේඩාර් පථයෙන් අතුරුදන් වී ඇත.

පැය 24කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස යානයේ සුන්බුන් හමුවී ඇත.