වර්ෂාවත් සමග මහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොත්මලේ ජලාශයේ ධාරිතාව 77%ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 44% ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල පවසා ඇත.

මහ කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

එම කටයුතු ලබන මස පළමු වැනි දායින් අවසන් කිරීමට නියමිත බව නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව නියමිත කාලසටහන් අනුව වගාව ආරම්භ කරන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලීම් කර ඇත.