ලොව පුරා සුවහසක් ලොකු කුඩා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූ Harry Potter චිත්‍රපට මාලාවේ මහාචාර්ය Albus Dumbeldore චරිතය රඟපෑ Sir Michal Gambon මියගොස් තිබෙනවා.

මිය යන විට 81 වැනි වියේ පසුවූ ඔහු නියුමෝනියා රෝගයෙන් පීඩා විඳි බවයි වාර්තා වන්නේ.

1940 වසරේ දී අයර්ලන්තයේ ඩබ්ලින්හි උපත ලබා ඇති Sir Michal Gambon, සිය වෘත්තීය දිවිය ආරම්භකර ඇත්තේ, ලන්ඩනයේ රාජකීය ජාතික රඟහලේ (Royal National Theatre) සාමාජිකයෙකු ලෙසින්. දශක පහකකට අධික කාලයක් පුරා වේදිකා නාට්‍ය, චිත්‍රපට, රූපවාහිනී මෙන්ම රේඩියෝ වැඩසටහන් ගණනාවක් සඳහාද දායක වී ඇති මෙම විශිෂ්ඨ සම්මානනීය රංගධරයා කලාව වෙනුවෙන් සිදුකළ සේවය වෙනුවෙන්, දෙවැනි එළිසබෙත් රැජිණ විසින් 1998 වසරේදී නයිට් නාමයක් පිරිනමනු ලැබුවා.