හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ පැවැති නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 26ක් ගෙවිය යුතු බවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව හෙළිවී ඇත.

ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව මෙය හෙළි වී තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 2019.09.12 දින සිට 2019.09.15 දින දක්වා වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ආරක්ෂක පහන් සවිකරන මෙන් ඉල්ලා ඇති බව එම ලිපියේ දැක්වේ.

ඒ අනුව තාවකාලික විදුලිය සපයා ආරක්ෂක පහන් සවිකර විදුලිය ලබාදී නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇති අතර, ආරක්ෂක පහන් සවි කිරීම සහ ජනක යන්ත්‍ර සැපයීම් වෙනුවෙන් රු. 26,82,246.57 ක වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම වියදම් ඇස්තමේන්තු මුදල ගෙවීම් කරන ලෙස දන්වා ඇතත්, මෙතෙක් එම මුදල ගෙවීම් කර නොමැති බව කාරුණිකව දන්වා සිටින බවත් විදුලිබල මණ්ඩලය එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

එම ලිපිය පහතින් ,