මෙවර අයි.පී.එල් තරඟාවලියේ චෙන්නායි හා බැංගලෝර් කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් බවට පත් වූ ඊයේ පැවති තරගයෙන්, ලකුණු 27ක ජයක් ලබාගනිමින් අවසන් 4 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

එම තරගයේදී මහීෂ් තීක්ෂණගේ පන්දු යැවීම කාගේත් අවධානයට ලක් වුණු අතර චෙන්නායි කණ්ඩායමේ අනෙක් සියලුම පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වුවද ඔහු සිය පන්දුවාර හතර තුළදී ලබා දුන්නේ ලකුණු 25 වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකි.

එහිදී ඉන්දීය වෙබ් අඩවි ගණනාවක් මෙන්ම සමාජ මාධ්‍ය පිටුද ඔහු ඊයේ තරඟයේදී පන්දුව දමා ගැසූ බවට චෝදනා එල්ල කරන අත​ර මේ වන විට එය ඉන්දියාව පුරා මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරිමට සමත්ව ඇත.
.              

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ඇතුළු මාධ්‍ය ගණනාවක් චෝදනා එල්ල කළද, අයිපීඑල් තරග තීරකවරුන් හෝ අදාළ බලධාරීන් කිසිවෙක් මහීෂ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව මේ වන තෙක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැත.