ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරගය හෙට දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වේ. එම තරගය සඳහා මහීෂ් තීක්ෂණට ක්‍රීඩා කළ නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පැවසීය. මහීෂ්ගේ අබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සුව වී නොමැති නිසා හෙට තරගය ඔහුට අහිමි වන බව සිල්වර්වුඩ් පවසා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ හෙට තරගයට පෙර අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.