2023 මහ කන්නයේ ගොවිජනතාව අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක මුදලක් රජය වෙන් කර තිබේ.

එයින් රුපියල් බිලියන 2.3ක් මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී අතර එම මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමට පියවර පියවර ගත් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න සඳහන් කර ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පොහොර සහනාධාර මුදල් ගිණුම්ගත කිරීම සම්බන්ධව කරුණු විමසීමක් කර ඇත.

ඒ අනුව රජය විසින් ලබා දීමට නියමිත රුපියල් බිලියන 10න් රුපියල් බිලියන 5ක් මෙම වසර අවසන් වීමට ප්‍රථම ගොවි ගිණුම්වලට ලබා දෙන අතර, ඉතිරි රුපියල් බිලියන 5 ජනවාරි මාසය ඇතුලත ගොවි ගිණුම් ගත කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසා තිබේ.

2023 මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් කුඹුරු වගා කරන අතර, ගොවීන් ලක්ෂ 12කගේ ගිණුම්වලටම මෙම මුදල් බැර කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඇතැම් ප්‍රදේශ වලින් ගොවි ගිණුම්වල තොරතුරු ප්‍රධාන කාර්යාලයට ලබා දීමේදී කිසියම් නිලධාරියෙක් වගකීම පැහැර හරින්නේ නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.