ඉදිරි මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

මෙම යල කන්නයේ දී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් වශයෙන් බෙදා දීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 20000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40000ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට සහනාධාර මුදලක් වශයෙන් වවුචර්පත් නිකුත් කිරීමට පියවර ගැනිණි.