පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු මැතිවරණයට දිනයක් තෝරා ගත් බව ද වාර්තා වේ.

පාකිස්තානය ආරක්ෂක, ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට මුහුණ දෙයි. මහ මැතිවරණය පැවැත්වීම දිනෙන් දින ප්‍රමාද වූයේ ද මෙම අර්බුද හේතුවෙනි.

මහ මැතිවරණයකට ඉඩ සලසා දෙමින් පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවූයේ පසුගිය අගෝස්තු 9 වැනිදාය.