මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය බව කියන බිලිදා සම්බන්ධයෙන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද නියෝගයක් නිකුත් කළා.

ඒ මියගිය බව කියන බිලිඳාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රෝහල වෙත පැමිණ, රෝහල් බලධාරීන් මව්පියන්ට පෙන්වූ බව කියන බිළිඳු මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙන අතර මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ද සිදුකරන ලෙසයි

මාතර වැලිගම පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වැනිදා සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වූ අතර ප්‍රසූතියෙන් පසු දරුවා මිය ගොස් ඇති බව රෝහල් බලධාරීන් දැනුම් දී ඇත .

කෙසේ වෙතත් සිය බිලිඳාගේ මරණය පිළිබද මව්පියන්ට ඒ පිළිබඳ සැකයක් මතුව ඇති පසුබිමක බිලිදා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් මව්පියන් ඉල්ලා සිටි අවස්ථාවේ රෝහල් අධ්‍යක්ෂවරයා ඊට විරුද්ධවූ බව දෙමාපියන් චෝදනා කිරීමෙන් අනතුරුව මෙම ප්‍රශ්නය පැන නැගුණා .