වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ සැණකෙලියක ඉදිකර තිබූ මාරක ළිඳක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා තිබෙනවා.

එම අනතුරෙන් 50 වියැති කාන්තාවක් සහ අවුරුදු 13,36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට් සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පවසයි

ඉන් තුවාලකරුවන්ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලෙත්, සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කළා