මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවරගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස්දී තිබේ.

පවතින අධික වැසි හේතුවෙන් මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් සිදුකර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එහිදී උපදෙස් දී ඇත.

පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග සම්බන්ධීකරණයවී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් වෙත එලෙස උපදෙස් දී තිබේ.

අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ  අපදා වැළැක්වීමේ පියවර කඩිනමින් ගන්නා ලෙසය.