එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (Marylebone Cricket Club – MCC) ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පත් කර තිබේ.

සංගක්කාරට පෙර මාර්ක් නිකලස් මෙම ධුරයේ කටයුතු කළේය. සංගක්කාර මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙසද මීට පෙර කටයුතු කර අතර ඔහු එහිදී වසර 02කට වැඩි කාලයක් සභාපති ධුරයේ නියැලිණි.