මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වන අත​​ර එරට අන්තර්වාර රජය නිවේදනය කලේ එ​ය ඉස්ලාමීය සටන්කාමීන් විසින් ප්‍රහාරය එල්ලකර ඇති බවයි.

තව​ද හමුදා කඳවුරකට එල්ලවු ප්‍රහාරයකින් ද හමුදා නිළධාරීන් 15 දෙනෙකු මියගොස් ඇති අත​ර, එම ප්‍රහාරය අතරතුර සටන්කාමීන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුකොටගෙ​න මාලි රාජ්‍යයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශ කොට ඇත.

2020 වසරේ සිට එම රාජ්‍යය හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මක වේ.