වසරේ මේ දක්වා කාලය තුළ වන අලින් 400ක් පමණ මියගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 200ක් පමණ මිය ගොස් ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කර ඇත.

වෙඩි තැබීම් සහ රිය අනතුරුවලින් වන අලින් බොහෝ දෙනෙකු මියගොස් තිබේ.

විවිධ රෝගවලට ගොදුරු වීමෙන් ද වනඅලි මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙරට අලි ගහනය 6000ක් පමණ සිටින බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වාස භූමි අහිමිවීම මත වන අලින් ගම්වැදිම් බහුල වී ඇතැයි චන්දන සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා ඇත.