එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේදී එතෙක් මෙතෙක් ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ හොඳම එක්දින ඉනිම ලෙස හැඳින්විය හැකි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.

එහිදී මැක්ස්වෙල් පන්දු 128 තුළ ලකුණු 201 රැස් කළේ පහත වාර්තා රැසක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි.

වසර 48 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ හබායෑමකදී ක්‍රීඩකයෙකු රැස් කල ඉහලම ලකුණු සංඛ්‍යාව

ද්විත්ව ශතකයක් ලබාගත් ලොව 13වෙනි ක්‍රීඩකයා වීම

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් ලබාගත් ඉහලම එක්දින ලකුණු සංඛ්‍යාව

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබා ගත් පලමු ක්‍රීඩකයා

එක්දින ඉතිහාසයේ 08 වෙනි කඩුල්ල සදහා ඉහළම ලකුණු සබදතාවය(Maxwell &Cummins – 204)

ලෝක කුසලාන ඉතිහාසයේ ද්විත්ව ශතකයක් ලබා ගත් ලොව 03 වන ක්‍රීඩකයා

මැදපෙළ ක්‍රීඩකයෙක් රැස් කල පලමු ද්විත්ව ශතකය ( අනෙක් සියලුම ද්විත්ව ශතක ආරම්භක පිතිකරුවන් ලබාගෙන ඇත )

වන්කඩේ ක්‍රීඩාංගනයේ ඉහළම (තනි) ලකුණු සංඛ්‍යාව

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ විශිශ්ටතම ඉනිම