ඔස්ට්‍රියානු ගෝන්ප්‍රී තරගාවලියේ ජය නැවත වරක් තමා සතු කරගැනීමට මැක්ස් වර්ස්ටැපන් සමත් විය.

ඔහු මෙම තරගාවලිය ජයගත්තේ සිව්වැනි වරට වන අතර, වර්ස්ටැපන් පිට පිට ලබාගත් 05වැනි ජයග්‍රහණයද මෙය වේ. එමෙන්ම මෙම ජයත් සමග මේ වනවිට ගෝන්ප්‍රී තරගාවලි 42ක් ජය ගැනීමටද වර්ස්ටැපන් සමත්වී ඇත.

25හැවිරිදි බෙල්ජියම් ජාතික වර්ස්ටැපන් මෙම තරගාවලියේදී නියෝජනය කළේ රෙඩ්බුල් කණ්ඩායමයි. මෙම තරගයේ දෙවැනි තැන සර්ජියෝ පෙරෙස්ට හිමි විය.