මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය  දිනේශ් ගුණවර්ධන අතර හමුවක් අග්‍රමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා

එහිදි පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින නීති අනිවර්යයෙන්ම සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබෙනවා.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වූ බලය අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළකිරීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ පැරණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවත්, ඒ කෙලෙස මැතිවරණය පැවැත්වූවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වාදුන් බවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන් සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.