ඔස්ට්‍රේලියානු පිතිකරු මිචෙල් මාෂ් පෞද්ගලික හේතුවක් මත නැවත ඔස්ට්‍රේලියාවට ගොස් තිබේ. ඒ අනුව ඔහු දින නියමයක් නොමැතිව ලෝක කුසලානයෙන් ඉවත් වී ඇත.

මීට අමතරව ග්ලේන් මැක්ස්වෙල්ගේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු එංගලන්තය සමග පැවැත්වෙන මීළඟ තරගයට ක්‍රීඩා නොකරනු ඇති බව වාර්තා වේ.