මිය ගිය Poonam Pandeyට යළි පණ එයි!

ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මිය ගිය බවට මාධ්‍ය වාර්තා කළ බොලිවුඩ් නිළි Poonam Pandey සැබැවින්ම මිය ගොස් නැති බවත්, එය ජනතාවගේ අවධානය දිනා ගැනීමට සිදුකළ ක්‍රියාවක් බවත් වාර්තා වනවා.

 

ඈ මිය ගිය පුවත ඊයේ ඇගේ නිල Instagram ගිණුමේ පළ කර තිබූ අතර, ඒ අනුව මාධ්‍ය ඇයගේ මිය යාම පිළිබඳව වාර්තා කර තිබුණා. ඇගේ රසිකයින් මෙන්ම කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ශෝකය ප්‍රකාශ කර තිබුණා.

 

එම පුවතින් දිනකට පසු අද දින (03) සිය නිල Instagram ගිණුමෙන් Poonam පවසා ඇත්තේ, ගැබ් ගෙල පිළිකාව පිළිබඳ සමාජයේ කතිකාවතක් ඇති කිරීම සඳහා ඇය විසින් මෙම ව්‍යාජ පුවත සමාජගත කළ බවයි. මෙහිදී Poonam සිය පුවතින් අපහසුතාවයට පත්වූවන්ගෙන් සමාවද ඉල්ලා තිබුණා.

තමා ජීවතුන් අතර සිටින බවට Poonam විසින් අද දින නිකුත් කළ පණිවුඩය

https://www.instagram.com/reel/C24C_LyIy6m/?igsh=YXY1eWt3NnJxeHhq

 

ඇය මිය ගිය බවට වාර්තා කිරීමට හේතු වූ නිවේදනය

https://www.instagram.com/p/C21T9Hcoobz/?igsh=MTh4b2tiaGRtYWs5MQ==