ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි පසුගියදා ජිම්නාස්ටික් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගත්තාය. ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේ 10වැනි ස්ථානය දිනා ගනිමිනි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ මිල්කා ගෙහානි ආසියානු ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේ 10වැනි ස්ථානය දිනා ගත්තාය. ඊට සහභාගි වූ ක්‍රීඩිකාවන් ගණන 53කි.

මේ අනුව ඇය මෙවර බෙල්ජියමේ පැවැත්වෙන ලෝක ශුරතා ජිම්නාස්ටික් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තාය. මිල්කා ගෙහානි 2021 වසරේ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදීද ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

කවිඳු කාරියවසම්