මිල්කෝ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.

මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකබද්ධව කටයුතු කරන බැවින් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහුගේ ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත.

ඔහුට මෙම තනතුරේ කටයුතු කිරීමට තවත් මාසයක කාලයක් පැවති බව ද වාර්තා වේ.