මෙරට​ට ආනයනය කළ මගීන්ගේ ගමන් බඩු අඩංගු බහාලුමක තිබී රුපියල් 16,470,000ක් වටිනා හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

බෙල්ජියමේ සිට මෙරටට ලැබී තිබූ ගමන් මල්ලක තිබී එම මත්ද්‍රව්‍ය තොගය හමු වු බව සඳහන් වේ.

එහි තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 98ක් රේගු භාරයට ගෙන තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති ගමන් මල්ලේ තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.