ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත් කළ අතර, එහි සභාපති ධුරය අර්ජුන රණතුංග මහතාට හිමි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අර්ජුන ‍රණතුංග මහතා,

“මම හුගක් දුරට ක්‍රිකට් පැත්ත තමයි බලන්නේ. මම ආරාධනා කරනවා සියලූ පැරණි ක්‍රීඩකයන්ට, මේ වෙලාවේ ඇවිල්ලා එකතු වෙලා ක්‍රිකට් හදන්න කියලා. මගේ බලාපොරොත්තු ඉතාමත් කෙටි කාලයකින්, රටට ආදරය කරන, රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් හදන එක. මට වගකීමක් තියෙනවා, ක්‍රිකට් අලූත් තැනකට ගෙනියන්න. ඇලූත් බ්‍රෑන්ඩ් එකක් හදන්න. විනය හදලා, රටට ගහන ක්‍රීඩකයෝ ටිකක් හදන්න. මම තනි, තනි ක්‍රීඩකයෝ හදන්නේ නැහැ. මට ඕන එකට ගහන ටීම් එකක්. ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්න ඕනේ, මේ මිලියන 22කට වගකියන ක්‍රිකට් කණ්ඩායමක්, ක්‍රිකට් පුහුණුකරුවන් සහ ක්‍රිකට් ආයතනයක්. ඒ වගේම තමයි මුදල් වියදම් කරන එක, මොන විදිහටද වෙන්නේ කියන එක, මොකද මේ එන මුදල් ජාත්‍යන්තර මට්ටමේ සිට පාසල් ක්‍රිකට් දක්වා ක්‍රමානුකූලව ගලාගෙන යන්න ඕන.

ක්‍රීඩකයෝ වුණහම එයාලට තියෙන්නේ නිදහසේ ක්‍රිකර් ගහන්න විතරයි, ඒ වටපිටාව මං හදලා දෙනවා. එහෙම බැරි නම්, පුලූවන් අය මා එක්ක රැදෙයි, අනිත් අය ගෙදර යයි” යනුවෙන් පැවසීය.