රුපියල් මිලියන 300ක් පමණ වටිනාකමකින් යුතු කොකේන් තොගයක් සමඟ කෙන්යානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

දෝහා සිට කටුනායක ගුවන්තොටුපොළට ඊයේ (24දා) පස්වරුවේ පැමිණි අදාළ කෙන්යානු ජාතිකයා බිස්කට් ටින් 03ක අසුරා තිබු කොකේන් කිලෝග්‍රෑම් 04ක් සමඟ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.