මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කර තිබේ.

එමෙන්ම මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් ද ප්‍රකාශ කර ඇත.

තමා සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නා බව උන්වහන්සේ පවසා තිබේ.

මිහින්තලා රජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක මෙම විදුලිය විසන්ධි කිරීම සිදුකර තිබෙන බවත් , ඒ හේතුවෙන් ඉදිරියේදී පූජා භූමියට ජලයද නොමැතිව යන බවත් උන්වහන්සේ සදහන් කර ඇත.