ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට කාලිංග කුමාර සමත් විය.

ඔහු සිය මලල ක්‍රීඩා දිවියේ වාර්තා කළ පෞද්ගලික හොඳම දක්ෂතාව සමගින් මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 45.07කින් අවසන් කළේය. එහි දෙවන ස්ථානය හිමි වූයේ අරුණ දර්ශනටයි.

මෙම ඉසව්වේ මීට පෙර පැවති තරගාවලි වාර්තාව වූයේ තත්පර 45.25ක් වන අතර, එය 2000 වසරේ දී රොහාන් ප්‍රදීප් කුමාර විසින් පිහිටුවා තිබිණි.